Thursday, February 24, 2011

සොබාදහමත් සමඟ සුලබව නෙත ගැටෙන නමුත් නොසිතන හිතකට පුංචි හෝ සිතුවිල්ලක් ලබා දීමට...


මිහිමත වෙසෙන ජීවීන්ගේ උත්පත්තියේ සිටම අවශ්‍ය වන ආහාර, ජලය, ආශ්වාස වාතය ආදී ලෙස නොයෙකුත් අවශ්‍යතා රැසක් පවතී. ඒ සියලු කාරණා සමඟම මානවයා ඇතුළු සියලු සත්වයින්ගේ පමණක් නොව ශාක ප්‍රජාවගේද පැවැත්මට නිරෝගීතාවය අත්‍යවශ්‍යම වේ.
අරෝග්‍යා පරමා ලාභා වශයෙන් බුදුදහමේ නිරෝගී බව පරම ලාභයයි ලෙස විග්‍රහ කර ඇත්තේ ද මේ නිසාය.  එය එසේ වුවද උත්පත්තියේ සිට මරණය දක්වා කිසිඳු රෝගයක් නොවැළඳුනු කිසිවෙකුත් මෙලොව නොමැති තරම් ය. සියලු ජීවින් උදෙසා ප්‍රත්‍යක්ෂ වන වෛද්‍ය ක්‍රමයන් ඔවුන්ගේ අත්‍යවශ්‍ය සාධක අතරට එක් වී ඇත්තේ මේ නිසාය.
වඩා වැදගත් වනුයේ රෝගී සත්වයා සුවපත් කිරීම මෙන්ම නිරෝගී සත්වයාගේ නිරෝගී බව රැක ගැනීමට උපකාරී වීමය. මෙය හුදෙක් මානවයාට පමණක් නොව මෙලොව වසන සියලුම ජීවි අජීවි වස්තූන්ට පොදු වූ කරුණකි.
සොබාදහමින්ම බිහි වූ ජීවියා නිරෝගීව පවත්වා ගැනීමට සොබාදහමින්ම ලැබී ඇති දායාද මෙතෙකැයි කිව නොහැක. ඒ අතරින් ශාක ප්‍රජාව සුවිශේෂී වේ. බුදුරදුන් කල ජීවකයානෝ බෙහෙතට ගත නොහැකි පැළෑටි කිසිවක් නොමැති වග තම අදුර හට පවසා ඇත්තේ මේ නිසා විය හැකිය.
එය කෙසේ වුවද බුද්ධිමත් යැයි සළකන මානවයාට වෙදකම ඉගැන්වීමට නොව එදිනෙදා සොබාදහමත් සමඟ සුලබව නෙත ගැටෙන නමුත් නොසිතන හිතකට පුංචි හෝ සිතුවිල්ලක් ලබා දීමට අරෝග්‍යා දිගහැරෙයි.                  

No comments:

Post a Comment